බැඳුම්කර සාක්කිකාරියට පොලිස් ආරක්ෂාව

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට දුන්නේයැයි කියන ‘මොනෑක්‘ නිවාස සංකීර්ණයේ  හිමිකාරිය වූ අනිකා විජේසුරිය මහත්මියට හා ඇගේ ඥාතීන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබේ.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියෙකු බව කියන පුද්ගලයෙකුගෙන් එල්ල වු බව කියන ජීවීත තර්ජන හේතුවෙන්
එම ආරක්ෂාව ලබාදී ඇතැයි වාර්තා වේ.

බැඳුම්කර කොමිසම කළ නියෝග මත පොලිස්පතිවරයා    විශේෂ  පොලිස්  ආරඬාවක්  ලබාදී තිබේ.

අනිකා විජේසුරිය මහත්මියගේ වැඩිමහල් සහෝදරයා වන විජිත විජේසුරිය මහතාටත් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බෑණා කෙනෙකු බව කියන ශනිල් නෙත්තිකුමාර නමැත්තා දුරකතන ඇමතුමක් මඟින් මරණීය තර්ජන එල්ල කොට ඇති බවද මෙම තර්ජන හේතුවෙන් අනීකා විජේසුරිය මහත්මිය රටහැර ගොස් ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පසුගිය දිනෙක කොමිසමට දැනුම් දුන්නේය.

  තර්ජන  සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇති බවද වාර්තා වේ.



Previous Post Next Post