ඒකාබද්ධය ශ්‍රී ලනිපය සමඟ එක්වනවාද තීරණය ළඟදීම

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එකට එක් වී තරග කරනවාද යන්න පිළිබඳව අවසන් තීරණය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් කණ්ඩායමක් ලෙස එකට එක් වී ගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා  පැවැසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවට සහභාගි වන ලෙස දන්වා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට හා ආසන සංවිධායකවරුන් වෙත ලිපියක් යැවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

එම තීරණයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒ පිළිබඳව දන්වා ලිපියක් ඒකාබද්ධ විපක්ෂය වෙත ලැබුණේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසීමේදී මන්ත්‍රිවරයා මේ බව පැවැසීය.

මන්ත්‍රිවරයා කියා සිටියේ එවැනි ලිපයක් මේ වනතුරුත් ඒකාබද්ධ විපක්ෂය වෙත ලැබී නැති බවය.

එවැනි ආරාධනාවක් ලැබුණොත් ඒ පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් එකට එක්වී කණ්ඩායමක් ලෙස තීරණයක් ගන්නා බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

- මව්බිම





gossip lanka