බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාවත් සමග මුදල් ඇමති රවී කරුණානායක සමුගනී…

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව මඟින් හිටපු ඇමැති රවී කරුණානායකට එරෙහිව බරපතළ කරුණු රැසක් අවධාරණය කර තිබුණහොත්, එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන සලකා ඔහුව ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්කිරීම සම්බන්ධයෙන් පක්ෂය අභ්‍යන්තරයේ පුළුල් සාකච්ඡාවක් ඇති වී තිබේ.

බැඳුම්කර කොමිසමේ කාලය අවසන් වීමෙන් පසු, ලබන මාසය තුළ එහි
අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත ය. එම කොමිසමේ අවසන් නිර්දේශ සඳහන් කළ යුතු අතර, අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ නීති විශාරදයන් පෙන්වා දී ඇත්තේ හිටපු ඇමැති රවී කරුණානායක, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් බරපතළ නිර්දේශ එම වාර්තාවේ අන්තර්ගත වනු ඇති බවයි.

කොමිසමේදී මතු වූ කරුණු සහ සාක්ෂි සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමෙන් පසු අදාළ නීති විශාරදයන් එජාප නායකත්වයට මෙසේ පවසා තිබේ. ඒ අනුව හිටපු ඇමැති රවී කරුණානායක තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළේ නායකයකු ලෙස කටයුතු කිරීම පක්ෂයේ අනාගතයට තීරණාත්මක ලෙස බලපෑම් එල්ල කරන බව බහුතරයකගේ අදහස වී තිබේ.

එසේ ම ලබන ජනවාරි මාසයේ දී පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ආසන මට්ටමේ මෙහෙයුම් කටයුතු හිටපු ඇමැතිවරයාට පැවරීම සම්බන්ධයෙන් ද නැවත වරක් අවධානය යොමු කළ යුතු බවත්, එසේ නොවුණහොත් එය ඉදිරි මැතිවරණයේ දී විරුද්ධ පාර්ශ්වවලට ආයුධයක් වනු ඇති බවත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් විසින් නායකත්වයට පවසා ඇතැයි සිරිකොත ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසාන තීරණයක් ගෙන නැතත්, කඩිනමින් ඒ පිළිබඳව පක්ෂ නායකත්වය අවධානය යොමු කරනු ඇති බව ද අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන 27 වැනිදායින් කොමිසමේ සාක්ෂි කැඳවීම අවසන් වීමට නියමිත අතර, තවදුරටත් කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව කොමිසමේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව කොමිසමේ නිර්දේශ අඩංගු අවසන් වාර්තාව ලබන මාසයේ ජනාධිපතිවරයාට භාරදීමට නියමිත අතර, ඉන්පසු නීතිපතිවරයා විසින් අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු අධිකරණය හමුවේ මේ බැඳුම්කර ගනුදෙනුවලට අදාළ ව නඩු පැවරීමට නියමිත ය.

– sathhanda



gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by