බැඳුම්කර නිවසට ඩ්‍රෝනයක් කඩා වැටී ගිනි විජ්ජුම්බරයක් !

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේ මුදල්වලින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මිලදී ගත්බව පැවසෙන මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි සුපිරි මහල් නිවාසයට ඊයේ (20) ඩ්‍රෝන් යානාවක් කඩා වැටී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණානායක මහතාගේ බිරිය පොලිසියට ගොස්
පැමිණිලි කර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ ඩ්‍රෝන් යානාව තිළිණ බොරලැස්ස විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ආන්‍ය ටෙලි නාට්‍යයේ රූගත කිරීමක් සඳහා යොදාගත් එකකි.

අත්වැරැද්දකින් එය කරුණානායක මහතාගේ නිවසට ගොස් තිබේ.

මෙය ක්‍රියාත්මක කර ඇත්තේ දෙවැනි ඉනිම ටෙලියට රංගනයෙන් දායක වූ නිලුක්ෂාන් ඒකනායක බව පැවසේ.

කෙසේවුවද, එම ඩ්‍රෝන් යානාය ක්‍රියාත්මක කර ඇත්තේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අවසරය ඇතුව බවද වාර්තා වේ.

ඩ්‍රෝන් යානය ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයකුට අයත් එකක් බවද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.



Previous Post Next Post