ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලාහෝර් නොයැවීම සැලැසුමක ප්‍රතිඵලයක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ලාහෝර්හිදී පාකිස්තානය සමඟ පැවැත්වෙන තරගයට සහභාගි නොවන ලෙසට කිසියම් පිරිසකගෙන් බලපෑම් එල්ලවී ඇති බවට සැකයක් මතුව ඇතැයි ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කිසිවකුගෙන් එවැනි බලපෑමක් ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීමට
ආරක්ෂක අංශද මේවන විට අවධානය යොමුකර ඇති බව පැවසේ.

ලබන 29 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී මේ තරගය පැවැත්වීමට නියමිත අතර මේවන විට ඒ සඳහා සහභාගිවීම ශ්‍රී ලංකා නායක උපුල් තරංග හා ලසිත් මාලිංග එම තරගයට සහභාගිවීම ප්‍රතික්ෂේප කර ඇති බවට ද වාර්තා පලව තිබේ.

කෙසේවුද, ශ්‍රී ලංකා පිලේ ලාහෝර් ගමන කඩාකප්පල් කිරීමට ක්‍රිකට් කළමනාකරුවකු උත්සාහ කරන බවටද මේවන විට චෝදනා එල්ලවී ඇති බව ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ අය මීට පෙරද ක්‍රිකට් ක්‍රීඩකයන් අතර නොසන්සුන්තා ඇති කිරීමට හේතුවූ අයෙකු බවද පැවසේ.

වසර 2009 මාර්තු මාසයේ දී ගඩාෆි ක්‍රීඩාංගණය ආසන්නයේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක යෙදෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.





Previous Post Next Post