පුංචි ඡන්ද සීමා නිර්ණය නිසා ශ්‍රීපාදස්ථානය සිංහල බහුතර පාලන ප්‍රදේශයෙන් ඉවතට

ශී‍්‍රපාදස්ථානය අඹගමුව ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයෙන් වෙන් කිරීමට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව කන්ද උඩරට ප‍්‍රගතිශීලි ජනතා ව්‍යාපාරය පවසනවා. එහි සභාපති අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර හෙළපි‍්‍රය නන්දරාජ පැවසුවේ දැනට අඹගමුව ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයට අයත් සීමාව අඹගමුව, මස්කෙළිය සහ නෝර්වුඩ් යන
බලප‍්‍රදේශ 3 ක් වශයෙන් වෙන් කර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි.

එහිදී ශී‍්‍රපාදස්ථානය අතිබහුතර සිංහල ජනතාවක් සිටින අඹගමුව ප‍්‍රාදේශීය බලප‍්‍රදේශයෙන් ඉවත් කර මස්කෙළිය කොට්ඨාසයට අයත් වන ලෙස බෙදා වෙන්කිරීම සාධාරණ නොවන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

අඹගමුව ප‍්‍රාදේශීය බලප‍්‍රදේශය වෙන් කිරීමේදී පැරණි ගම්සභා ක‍්‍රමය තිබූ ආකාරයෙන් සිදුකළේ නම් ගැටළු මතු නොවන බවද කන්ද උඩරට ප‍්‍රගතිශිලි ජනතා ව්‍යාපාරයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.




gossip lanka