කනට ගැහුව ASPගේ ඉරණම සති 2න් තීන්දුයි !

හම්බන්තෙටදී පසුගිය (06දා) පැවැති නීති විරෝධී උද්ඝෝෂණයක් අතරතුරදී සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතා තරුණයකුට කනේ පහරක් ගැසීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පත්කළ ත්‍රිපුද්ගල වාර්තාව දෙසතියකින් ලබාදෙන ලෙස දැනුම්දුන් බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පවසා තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා රැස් වූ පොලිස් කොමිසමට අදාළ ත්‍රිපුද්ගල කමිටුවේ
මූලික අතුරු පරීක්ෂණ වාර්තාව සැලැකිල්ලට ගනිමින් එම තීන්දුව ගෙන ඇති බවද පැවසේ.

කෙසේවුවද, පරීක්ෂණ සඳහා සහකාර පොලිස් අධිකාරීවරයා කොමිසමට කැඳවිය යුතු නැති බවද එහිදී තීරණය වී තිබේ.



Previous Post Next Post