දිවයිනේ පළාත් රැසකට වැසි

දිවයිනේ නිරිත දිග කොටසේ පළාත් රැසකට අද (20) දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එමෙන්ම, දිවයිනට බස්නාහිර දෙසින් පවතින වලාකුළු පද්ධතිය ක්‍රියාකාරීවීම හේතුවෙන් කොළඹ සිට මාතර දක්වා වෙරළ තීරයේ පැයට
කිලෝමීටර් 80 දක්වා සුළං වේගය ඉහළ යා හැකි අතර, මුහුද ද ප්‍රචන්ඩ විය හැකියි.

මේ අතර, තද වැසිත් ස රත්නපුර දිස්ත්‍රික්කයට නායයාමේ අවදානමක් ද නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ, කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශවලට මෙම නායයාමේ අවදානම නිකුත් කර ඇති බවයි.




Previous Post Next Post