පුංචි ඡන්දයට පාතාලෙන් අපේක්ෂකයන් !

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පාතාලයට සම්බන්ධ පුද්ගලයන් සිය ඥාතීන් හා හිතවතුන් ප්‍රධාන පක්ෂවල ඡන්ද අපේක්ෂකයන් කිරීමේ රහස් වැඩ පිළිවලක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

මේවන විට කොළඹ හා දකුණ කේන්ද්‍රකරගත් ප්‍රධාන පාතාල කණ්ඩායම්
දේශපාලඥයන් සමඟ සමීප වෙමින් සිටින බවද පැවසේ.

මේ අතර, දකුණේ පාතාල ක්‍රියාකාරීන් දැනටමත් සිය ගම්වලට ගොස් තම ප්‍රචාරක ඡාල ක්‍රියාත්මක කර ඇති බවටද පාතාල මර්ධන ඒකකවලට තොරතුරු අනාවරණය වී තිබේ.

ගම්පහ ඇමතිගේ කාර්යාලයෙත් පාතාලයෝ

විවිධ අපරාධ සඳහා සොයමින් සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයකුගේ කාර්යාලයේ සේවයේ නියුතුව සිටින බවටද එම ඒකකවලට තොරතුරු ලැබී ඇත.




Previous Post Next Post