උල්කාෂ්මයකට සමාන දෙයක් දැක දකුණේ වැසියන් අන්දමන්දවේ විශාල ශබ්දය උල්කාශ්මියක් - ආචාර්ය චන්දන ජයරත්න

ඊයේ රාත්‍රී 9 ට පමණ දකුණු පළාතේ ස්ථාන කිහිපයක දර්ශනය වූ බවට වාර්තා පළවන උල්කාෂ්මයකට සමාන වස්තුවක් නිසා කථාබහක් ඇතිව තිබේ.විශාල එළියක් විහිදුවාගෙන අහසේ වේගයෙන් යම් වස්තුවක් ඇදී ගිය බවත් මහ ශබ්දයක් සමග වහළ මතට සහ ගස් මතට දුහුවිලි වැටෙන්නාක් මෙන් දැණුනු බවත් ප්‍රදේශවාසීහු පවසති.

මෙම ආලෝකය දුටු හා ශබ්දය ඇසුණු ප්‍රදේශ අතර ගාල්ල , මාතර
,හබරාදුව, පිටබැද්දර,අකුරැස්ස,නෙළුව, තවලම, හක්මන, දෙනියාය තිබේ.වොලිබෝලයක තරම් ගෝලාකාර තද කහපාට යමක් මුහුදට වැටෙනු දුටු බව සමහරෙක් කියති.

මෙය උල්කාපාතයක්,උල්කාෂ්මයක්,පිටසක්වල යානයක් ආදී විවිධ දේට සැකකරමින් මේ වනවිට කටකතා පැතිර තිබේ.

දැනට ලැඛෙන වාර්තාවලට අනුව මෙම තත්වය ලොකු උල්කාශ්මියක් විය හැකියැයි කොලඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා තහවුරු කළා.

කොලඹ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ඉතා වේගයෙන් ගමන්ගන්නා ආලෝකයක් පමණක් දැක ඇති අතර ආලෝකය සහ ශබ්දය දකුණු පළාතේ බොහෝ ප්‍රදේශ වලට අසන්නට සහ දක්නට ලැබුණු බව තමන්ට වාර්තාවූ බවද ජයරත්න මහතා පැවසීය.

මෙවැනි උල්කාශ්මියක් තත්පරයකට කිලෝමීටර 65 ක් පමණ වේගයකින් පොළොවට ගමන්කරන බවත් එහිදී වායුගෝලයේ ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවන රත්වීමෙන් ඔක්සිජන් සමග ගැටී ගිනිගන්නා බවත් එම එලිය අපට දක්නට ලැඛෙන බවත් ජයරත්න මහතා පැවසුවා.

එම පොලව දෙසට වේගයෙන් එනු ලබන උල්කාශ්මියේ වේගය අනුව ඉදිරි කොටසේ පීඩනය වැඩිවන අතර පිටුපස කොටසේ පීඩනය අඩුවන බවත් එම හේතුවෙන් උල්කාශ්මිය පුපුරා යනබවත් එම ශබ්දය විශාල ශබ්දයක් ලෙසින් පොලවට ඇසෙන බවද ජයරත්න මහතා පැවසුවා,

මේ අතර හැලී ගේ දුමකේතුවේ කක්ෂය හරහා පෘතුවිය ගමන් කිරීම සිදුවන නිසා එමගින් උල්කාපාත වර්ෂාවක් ඇතිවීමටද නියමිත බවත් සමහර විට  එම සිද්දිය නිසා ඇතිවූ තත්වයක්දයි සැකකලහැකි බවද ජයරත්න මහතා පැවසුවා.

Previous Post Next Post