සන්නස්ගලගේ ආසනය හිරුනිකාට දෙයි

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය එම පක්ෂයේ සංවිධායක තනතුරකට පත්කර තිබේ.

ඒ, රත්මලාන ආසන එජාප සංවිධායකවරිය ලෙසයි.

අරලියගහ මන්දිරයේ දී අදාළ පත්කිරීම් ලිපිය ඊයේ (18) පස්වරුවේ පිරිනැමීය.

මීට පෙර රත්මලාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළේ ප්‍රවීන උපකාරක
ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාය.



Previous Post Next Post