ව්‍යවස්ථාව සම්මත කලොත් පාර්ලිමේන්තුවට බෝම්බයක් දමා විනාශ කළ යුතුයි - විමල්

බුදුන් වහන්සේගේ පින්තූරයක් මාධ්‍යවල පල කිරීමට පලමුව අගමැති රනිල් වික‍්‍රමසිංහගෙන් විමසිය යුතු වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අස්ගිරි මල්වතු නිකායන්හි කාරක සභාවන්හි තීරණය මාධ්‍යවල පල කිරීමේ මහනාහිමිවරුන්ගේ පින්තූර මාධ්‍යන්හි පල කලේ යයි
අගමැතිවරයා විසින් මාධ්‍යවලට දොස් පැවරීම ගැන අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ මහ නාහිමිවරුන්ගේ පින්තූරයන්ගෙන් නිරූපනය වන්නේ සමස්ථ නිකායම බවයි.

විමල් වීරවංශ මහතා විසින් සිය දින 87ක සිරගත දිවියේදී රචනා කළ දෙවන කෘතිය කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී එලි දැක්වීමේ උත්සවය අමතමින් මෙම අදහස් පල කරනු ලැබීය.

මෙතරම් භයානක ව්‍යවස්ථා කෙටුම්පතක් සම්මත කරන්නට යද්දී ඊට පක්‍ෂව අත ඔසවන්නේ නැතිව සිටින මන්ත‍්‍රීවරුන් 76 දෙනෙකු නැති පාර්ලිමේන්තුවකින් කොස් කොටන්නැදැයි විමසූ මන්ත‍්‍රීවරයා ඊට පසුවෙනිදා පාර්ලිමේන්තුවට බෝම්බයක් දමා ඉවර කර දැමිය යුතු බවද පැවසීය.

Previous Post Next Post