බැදුම්කර මගඩිය ගැන මුලින්ම හෙලිකලේ මමයි

බැඳුම්කර වංචාව සිදු කර දින 17ක් තුළ තමා පාර්ලිමේන්තුවේදී ඒ බව හෙළි නොකළේ නම් අද වන විට එකී වාර්තාව ආණ්ඩුවට හෝ පර්පචුවල් සමාගමට විකිණී හමාර බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
පසුගිය 2015 පෙබරවාරි 27දා අත ගැසූ බැඳුම්කර වංචාව පිළිබඳව ප්‍රථම
වරට හෙළිදරව් කළේ මාර්තු 15දා බවත් එතෙක් ඒ පිළිබඳව කිසිවකු දැන නොසිටි බවත් දිසානායක මහතා පවසයි.

මන්ත්‍රිවරයා පවසන්නේ එසේ මාර්තු 15දා පාර්ලිමේන්තුවේදී තමා මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහගෙන් කරුණු විමසූ බවත් පසුව කෝප් කමිටු ක්‍රියාවලිය හරහා එකී වංචාව රටට හෙළිදරව් කළ බවත්ය.

කෙසේ නමුත් තමා නොසිටියේ නම් මෙම වංචාව පිළිබඳ වාර්තාව අද වන විට ආණ්ඩුවට නැති නම් පර්පචුවල් සමාගමට විකිණී ඇති බවද ඒ මහතා පවසයි.

ඔහු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේම කොටස්කරුවන් බවට චෝදනා කරන මහත්වරුන් දැවැන්ත වංචාව පිළිබඳ කතා කිරීමට පවා ආරම්භ කළේ ඉන් අනතුරුව බවයි.

-අනුරාධා හේරත්
Previous Post Next Post