තෙල් මගඩියක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්

මතුව ඇති තෙල් අර්බුදය පිටුපස පවතින ටෙන්ඩර් මගඩියක් පිළිබඳ තමා අද (7දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පවසයි.

ජවිපෙ නායකයා පැවැසුවේ මෙම තෙල් අර්බුදයට පසුගිය කාලසීමාව තුළ
සිදුවූ ටෙන්ඩර්වල අක්‍රමිකතා මෙන්ම ගබඩා පහසුකම්, පිරිපහදු කටයුතු නවීකරණය කිරීමට අසමත්වීම ආදී කරුණු ප්‍රධාන වශයෙන් බලපෑ බවයි.

මෙම ගැටලුවට රජය වගකිවයුතු බවද දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ අනුව අද (7දා) දිනයේ ඉහත කරුණු පිළිබඳව තමා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවත් පවතින තත්ත්වයට වහාම විසඳුම් ලබාදීමට රජය මැදිහත් විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.




Previous Post Next Post