ආපදාවට පත්වූවන්ට රුපියල් 10,000ක්

ආපදාවට පත්වූවන්ට සහන සැළසීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දකුණු කොරියාවේ සිට ජනාධිපති ලේකම්වරයාට සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ
ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සළසන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර ආපදාවලින් විපතට පත් වූ එක් පවුලක් සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කර ඇතැයි විෂයභාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ සිට පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.


gossip lanka