අර්ජුන් මහේන්ද‍්‍රන්- අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට.. (Exclusive) දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් හා ඔහුගේ බෑණා වන පර්පෙච්චුවල් ට‍්‍රෂරීම් සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සදහා සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු පසු රහස් පොලීසිය විසින්
හෝ නීතිපතිවරයා විසින් අධිකරණයට කරුනු ගොනු කිරීමෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇති බවටද අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරි දෙසැම්බර මස අවසන් වන්නට පෙර මෙම දෙදෙනා අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් ඉන් පසු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය කටයුතු සිදුවනු ඇති බවත් සදහන්ය.

එජාපය හා ශ‍්‍රීලනිපය අතර වන හවුල් ආණ්ඩු ගිවිසුම දෙසැම්බර මාසයේදී කාලය අවසන් වන අතර මෙම අත්අඩංගුවට ගැනීම සිදුවුවහොත් එය ආණ්ඩුවේ ඉදිරි ගමනට තීරණාත්මකව බලපානු ඇත.






Previous Post Next Post