යළිත් ඉන්ධන හිඟයක් ඇති නොවෙන්න යෝජනා දෙකක්

ඉන්ධන හිඟයක් හෝ බෙදා හැරීමේ දුර්වලතාවක් නැවත ඇති නොවීම සඳහා ජංගම පිරවුම්හල් ආරම්භ කරන්නැයි පාර්ලිමේන්තුවට අද (13) යෝජනාවක් ඉදිරිපත් වුණ.

දැනට තිබෙන පිරවුම්හල්වල ගබඩා පහසුකම් ද වැඩිකළ යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ඉන්ධන අර්බුදය හමුවේ ඇතැම් ඉන්ධනහල්වල
දිනකට ප්‍රමාණවත් ඉන්ධනවත් ගබඩා කිරීමේ හැකියාව තිබුණේද යන්න පිළිබඳව ප්‍රශ්න මතුවන බවද අනාවරණය කෙරුණා.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන චමින්ද විජේසිරි මෙම යෝජනාව ඉදිරිපත් කළා.

ඊට ප‍්‍රතිචාර දැක්වූයේ අමාත්‍ය අර්ජුණ රණතුංගයි.

එහිදී ඔහු සඳහන් කළේ "ඛණිජ තෙල් අමාත්‍යාංශයේ නිර්නායක ඉදිරියේදී පිළිපැදීමට ඉන්ධනහල්වලට සිදු වෙනවා. එසේ නොකරන ස්ථාන පිළිබඳව අවධානයෙන් ඉන්නවා." යනුවෙනි.

ඉකුත්දා ඇති වූ ඉන්ධන අර්බුදයේදී ඇතැම් පිරවුම්හල් කුමන්ත‍්‍රනකාරීව ක‍්‍රියාත්මක වූයේදැයි ද චමින්ද විජේසිරි මන්ත‍්‍රිවරයා මෙහිදී සැක මතු කළා.

ඒ පිළිබඳව මේ වන විටද සොයා බලමින් සිටින බවයි ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය අර්ජුණ රණතුංග පැවසුවේ.


Previous Post Next Post