තෙල් මාෆියාවක් ඇති බව ඇමැති අර්ජුන පිලි ගනී

තෙල් මාෆියාව තුරන් කිරීමට හැකි උපරිමෙන් කැපවන බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේදී ඛනිජතෙල් සංස්ථා සේවකයින් අමතමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“මගේ ප්‍රතිපත්තිය තමයි රජයේ දේපළ ආරක්ෂා කරන එක. මේක පරිස්සම් කර ගන්න මට බැහැ තනියම.
ඒකට තමුන්නාන්සේලාත් ඉන්න ඕනේ. මට පාර හදලා දෙතහැකි. මට පාරේ ඕගොල්ලොන්ව දුවවන්න බැහැ. මන් පාර හදලා තියෙන්නේ හුගක් ඒවා. අපි හරි දේවල් සාකච්ජා කරලා ඉස්සරහට යන්න පුළුවන්. අපිට ප්‍රශ්න එනවා ඉස්සරහට. හුඟදෙනෙක් කතා කරනවා තුන්වෙනි පාර්ශවයක් ගේන්න ඕනේ කියලා.  ඒ වගේ කතා තියෙනවා. මන් මේක බය නැතුව කියන දෙයක්. හැබැයි ඒවට මම එකඟ වෙන එකක් නැහැ. හැබැයි එව්වා අපි පෙන්නන්න ඕනේ අපි කොහොමද මේවා ආරක්ෂා කරන්නේ කියලා. තෙල් මාෆියාවක් තියෙනවා. වෙනම කණ්ඩායමක් ඉන්නවා හම්බ කරන. මන් මේවා වෙනස් කරනවා. මන් මේ ඒවානම් කරන්න දෙන්නේ නෑ මේ පුටුවේ ඉන්නකම්. ගෙදර යන එක වටිනවා මට ඊට වඩා. මොකද එකම පුද්ගලයෝ මේවයින් සල්ලි හම්බ කරගෙන ආයතනයටත් නරකක් වෙන කිසිම දෙයක් මන් කරන්න දෙනෙත් නැහැ. කරන්නෙත් නැහැ.”


Previous Post Next Post