ගෝඨාභය අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

වත්මන් රජය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක්‌ පවතින බව හිටපු ජනාධිපති මහින්දරාජපක්‍ෂ මහතා පැවැසීය.

මේ ආණ්‌ඩුව මොන තරම් පළිගන්නවාද කිව්වොත් ඒ පළිගැනීම සීමාව ඉක්‌මවා ගිහින් තිබෙන බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

ආණ්‌ඩුවේ පළිගැනීමේ ඉලක්‌කය මහින්ද රාජපක්‍ෂ සහ පවුලේ අය බව ද,
ඊට පසුවහිතවත් මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පසුපස යන බව ද මහින්ද රාජපක්‍ෂ මහතසඳහන් කළේය.

මේ වන විට හිටපු ඇමැතිවරුන් දාහතර දෙනකු සිරගත කරනිදහස්‌ කර ඇතැයි ද, අද රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගනිමින් සිටින බවපැවසූ හිටපු මෙවැනි තත්ත්වයක්‌ තුළ රාජ්‍ය නිලධාරීන් යමක්‌ ක්‍රියාත්මකකිරීමේදී දෙපාරක්‌ හිතන තත්ත්වයකට අද පත්ව ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ ඊයේ (21) පැවැති සමස්‌ත ලංකාසමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 20 වැනි ජාතික මහා සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්‌වෙමින් උත්සවසභාව අමතා හෙතෙම එම අදහස්‌ පළ කළේය.




Previous Post Next Post