RAMISවලින් හොරු අල්ලනවට ඇමති ගෝලයෝ එරෙහිවෙති !

බදු නොගෙවූ මහ හොරු ඇල්ලූ සිංගප්පූරුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (Revenue Administration Management Information System (RAMIS) ලංකාවේ ක්‍රියාත්මක කිරීම කඩාකප්පල් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසක් උත්සාහ ගනිමින් සිටින බව  වාර්තා වේ.

අදාළ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පෙරමුණ ගෙන ඇත්තේ දේශීය ආදායම්
දෙපාර්තමේන්තුවට සම්බන්ධ හිටපු අමාත්‍යවරයතු විසින් මෙහෙයවනු ලබන වෘත්තීය සමිතියක් බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ.

අදාළ පද්ධතිය ලංකාව තුළ ස්ථාපනය කිරීමට බිලියන 9ක් වැයවන බවත්, මේවන විට ඒ සඳහා බිලියන 5ක් වියදම් කරමින් අවශ්‍ය තාක්ෂණික උපකතරණ හා පුහුණුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයන්ට ලබාදී ඇතැයි ද වාර්තා වේ.

ඇතැම් නිලධාරීන්ට මේ සඳහා තාක්ෂණික දැනුම ලබාදීමට විදෙස් පුහුණු ද ලබාදී තිබේ.

මේ ක්‍රමවේදය මගින් බදු ගෙවීම පැහැර හැරීම හා බදු වංචා කිරීම අවම කරගත හැකි බව ඒ සම්බන්ධ ප්‍රවීනයෝ කියා සිටිති.

දූෂණ හා අක්‍රමිකතා බැහැර කිරීමේ මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේද පූර්ණ සහය මුදල් අමාත්‍යවරයාට ලැබී ඇති බවද පැවසේ.

මේ අතර, මුදල් අමාත්‍යවරයා දූෂණය හා නාස්තිය පිටු දැකීම අවම කිරීමට නවීන තාක්ෂණික ව්‍යාපෘති දිරි ගැන්වීම සඳහා මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවද මුදල් අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

-srilankamirror





Previous Post Next Post