අයවැයෙන් බියර් මිල අඩු කලාට ජනපතිගේ විරෝධය…

මෙවර අයවැය මගින් කෑන් බියර් බද්ද අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ එකතාව පල වී නැතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කැබිනට් අනුමැතියට ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඇතුළු මෙම ඇමතිවරුන් කිහිප දෙනා ඒ
සම්බන්ධයෙන් සිය මතය දන්වා ඇත.

ආනයනික බියර් ලීටරයක මිල රුපියල් සියයකින් අඩු කල යුතු යයි අයවැය යෝජනාවේ සදහන් වුවද මේ අනුව විදේශීය බියර් මිල විශාල ලෙස පහත වැටෙනු ඇති බව සදහන්ය.



Previous Post Next Post