මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් පරීක්‍ෂණය සිදුවන අතරතුරදී හිටපු මහ බැංකු අධිපතිගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් විසින් කෝප් කමිටු සාමාජික මන්ත‍්‍රීවරුනට ලබා ගත් දුරකතන ඇමතුම් සම්බන්ධ විස්තරයක් අද දිනයේ නීතිපතිවරයා විසින් බැදුම්කර කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය.
එහිදී සුජීව සේනසිංහ මහතාට දුරකතන ඇමතුම් 62ක්, හර්ෂණ
රාජකරැණාට ඇමතුම් 23ක්, දයාසිරි ජයසේකරට ඇමතුම් දෙකක් ලෙස අර්ජුන් ඇලෝසියස් විසින් ලබා ගෙන ඇති බව හෙලි දරවු වී ඇත.
අර්ජුන් ඇලෝසියස් ඉහත මන්ත‍්‍රීවරුන් ඇතුළුව කෝප් කමිටුවේ සාමාජික මන්ත‍්‍රීන් අජිත් පී පෙරේරා, හෙක්ටර් අප්පුහාමි යන මන්ත‍්‍රීවරුන සමග දුරකතන ඇමතුම් ලබා ගෙන ඇති බවද හෙලිව තිබේ.
අර්ජුන් ඇලෝසියස් සුජීව සේනසිංහට කෝල් 62ක් අරන්.. දුරකතන වාර්තාව බැදුම්කර කොමිසමට
2017-11-16T16:42:00+05:30
Gossip Lanka Hot News
slide|