බැදුම්කර බෑණා සමග දුරකතනයෙන් ගණුදෙනු කල මන්ත‍්‍රීන් 41ක් පාර්ලිමේන්තුවේ..

බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් සමග පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 41ක් දුරකතනයෙන් සබදතා පැවැත්වූයේ යයි හෙලිව ඇති බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

එසේ තිබියදී මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකු ගැන පමණක් මාධ්‍ය මගින් හෙලි
කර ඇති බවද නියෝජ්‍ය ඇමතිවරයා චෝදනා කරයි.

එනිසා මෙම සියලූම මන්ත‍්‍රීවරුන්ගේ නම්ගම් ප‍්‍රසිද්ද කල යුතු යයිද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එමෙන්ම ඔවුන් අතර සිදුවූ දුරකතන සංවාදවල හඬපට ප‍්‍රසිද්ද කල යුතු යයිද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.





Previous Post Next Post