බැඳුම්කර කොමිසමේ විශේෂ සැසියක්

බැඳුම්කර සිද්ධිය සොයාබැලීම සඳහා පත්කරන ලද බැඳුම්කර කොමිසමේ විශේෂ සැසියක් අද (02දා) පැවැත්වේ.

බැඳුම්කර කොමිසමේ කාලය තුන්වැනි වතාවටත් ජනාධිපතිවරයා විසින් දීර්ඝ කිරීමෙන් අනතුරුව මෙම විශේෂ සැසිය පැවැත්වීමට කොමිසම තීරණය කරනු ලැබූ අතර, එහිදී ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය පිළිබඳ
විමර්ශනය කළ රහස් පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි ලබාගැනීමට කොමිසම කටයුතු කරන බව වාර්තාවේ.

ඉන් අනතුරුව අවශ්‍යතාව මත තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුගේ සාක්ෂි ලබාගැනීම කෙරෙහිද කොමිසමේ අවධානය යොමුවඇතැයිද සඳහන් වේ.



Previous Post Next Post