උතුරේ ප්‍රශ්නය විසඳන්නැයි විශ්නේෂ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයෙන් ඉල්ලයි

පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකාව තුළ සිදුව ඇතැයි කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිසක් හෙට (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන්
ඩුජාරික් (Stephane Dujarric) කියා ඇත්තේ ‘ඉන්දියන් ඕපන් නේෂන් නමැති සංවිධානය මගින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇති තොරතුරු පදනම් කර ගනිමින් මෙම විමර්ශනය සිදු වන බවයි.

ශ්‍රී ලංකාව තුළ පසුගිය යුද සමයේදී මෙම සමීක්ෂණ මගින් පෙන්වා දී ඇත්තේ සුළුතර දෙමළ ජනතාව විවිධ ලිංගික තාඩන පීඩනවලට, වදහිංසාවලට ලක්ව ඇති වූ බවත් ඒ වෙනුවෙන් මැදිහත් වී සුළුතර දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කර දිය යුතු බවත්ය.

එමෙන්ම තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ යුද්ධය අවසන් වී වසර දහයක් ඉක්ම ගියද තවමත් සුළුතර දෙමළ ජනතාවට අවශ්‍ය නිදහස ලැබි නොමැති බවයි. එසේම ශ්‍රී ලංකා හමුදාව නිසා ඔවුන් විවිධාකාරයේ හිරිහැරවලට මුහුණපාන ආකාරය ගැන එක්සත් ජාතීන්ගේ සංගමයට පැමිණිලි ලැබි ඇතැයිද තවදුරටත් පෙන්වා දේ.

2015 වර්ෂයේදී දෙමළ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන හැත්තෑදහසක විදේශ ප්‍රතිපාදන ලබා දුන්නද එම මුදල් දෙමළ ජනතාවගේ සුබසිද්ධිය සඳහා යොදවා නැතැයිද ඔවුන් චෝදනා කරති.

මේ පිළිබඳව අදහස් දක්වමින් උතුරේ මහා ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා පවසා ඇත්තේ ඔවුන්ටත් එවැනි දෑ දෙමළ ජනතාවගෙන් අසන්නට ලැබුණු බවත් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් මේ සම්බන්ධයෙන් ගොඩනැගෙනවා නම් දෙමළ ජනතාව මේ අයුරින් පීඩනයට හා අසාධාරණයට ලක් නොවන බවත්ය.

- අකිලා නදීශානි බණ්ඩාර


Previous Post Next Post