දුම්රිය වර්ජනය නවතී

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ දුම්රිය වැඩවර්ජනය නතර කිරීමට තීරණය කර තිබේ.

අග්‍රමාත්‍ය  ලේකම්වරයා,  ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමඟ අද දහවල් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේය.

වැටුප් විෂමතා ගැටළුවක් මුල්කර ගනිමින් දුම්රිය නියාමකවරුන්ගේ
සංගමය, දුම්රිය රියදුරන්ගේ සංගමය සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට  පැය 48ක සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබුණි.



Previous Post Next Post