ගුවන් නියමුවකු වීම සඳහා කුඩා කාලයේ සිට ඇති වූ ආසාවක් ඉටුකර ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවියට ඇතුළු වී එහි තිබූ ගුවන් නියමුවකුගේ ඡායාරූපයට තම ඡායාරූපය ඇතුළු කර වංචනික ලෙස ගුවන් නියමු බලපත්‍රයක් සකස් කළ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත පසුගියදා මුදාහැර තිබේ.
හෂාන් චතුරංග සිල්වා නමැති සැකකරු පසුගිය 16දා කොළඹ විශේෂ
විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුනේ වෙබ් අඩවියක් හැක්කර එහි කරුනු විකෘති කිරීමේ අයථා හැසදිරීම සම්බන්ධයෙනි.
මෙම සැකකරුට පාසල් අවධියේ සිටම මිතුරන් විසින් ‘කැප්ටන්‘ යන නාමයෙන් ආමන්ත්‍රණය කර ඇති බවත්, එයට හේතුව ඔහුට ගුවන් නියමුවකු වීමට තිබූ ආසාව නිසා බවත් ඇප ලබාගැනීම සඳහා මොහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් උසාවියේදී කරුණු ඉදිරිපත් කර තිබු‚.
මෙම ආශාව හේතුවෙන් මොහු සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවියට ඇතුළු වී එහි ඇති ගුවන් නියමුවකුගේ ඡායාරූපයට ඔහුගේ ඡායාරූපය ඇතුළු කොට ˜ෆෙස්බුක්˜ හරහා මිතුරන්ට යවා ඇති නමුත් වංචාවක් සිදුකරන අදහසින් එය කර නොමැති බවත් නීතීඥයින් පෙන්වා දුන් අතර පසුව සැකකරුට ඇප නියම විය.
Comments by IntenseDebate
Posting anonymously.
පයිලට් කෙනෙක් වෙන්න ආසාවට ගුවන් සේවා වෙබ් අඩවිය හැක්කර තමන්ගේ මූණෙ පොටෝ එක දාගෙන
2017-11-23T13:00:00+05:30
Gossip Lanka Hot News
slide|