සතොස හරහා පොල් දීමත් ගැටලුසහගත වෙයි

පිටරටින් පොල් ගෙන්වීමට අවසර ලබාදුනහොත් පොල් මිල පාලනය කිරීමට හැකි බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

කෙසේවෙතත් රාජ්‍ය ප‍්‍රතිපත්තිය හේතුවෙන් ඊට බාධා එල්ල වී ඇති බවයි ඔහු කියාසිටියේ.

ඇතැම් ප‍්‍රදේශවල පොල් ගෙඩියක් රුපියල් 75ත් 100ත් අතර මිලකට
තවදුරටත් අලෙවි වන බවටයි නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණේ.

පොල් මිල පාලනය කිරීමේ අරමුණින් සතොස හරහා රුපියල් 65ක මිලකට පොල් ලබාදීමට ආණ්ඩුව ඉකුත්දා පියවර ගත්තා. එහෙත් එයද මේ වනවිට ගැටලූසහගත වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පොල් නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස අඩුවීම මිල වැඩිවීමට ප‍්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇති බවයි අමාත්‍ය නවීන් දිසානායක ප‍්‍රකාශ කළේ.



Previous Post Next Post