කෝප් කමිටු මන්ත්‍රින්ගේ වත්කම් සොයන්න !

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධව ගනුදෙනු කළ බවට තහවුරු වී ඇති කෝප් කමිටු සාමාජිකයන්ගේ බැංකු ගිණුම්, වත්කම් හා මිලදී ගැනීම් පිළිබඳ වහාම විමර්ශනයක් කළ යුතු යැයි දූෂණ විරෝධී හඬ සංවිධානය ඉල්ලීමක් කරයි.

එහි කැඳවුම්කරු, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ පවසන්නේ
බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දැරූ ස්ථාවරය අනුව පක්ෂය ජනතාවගෙන් සමාව ගත යුතු බවය.

මේ වනවිට එකී වංචාව හරහා රුපියල් බිලියන 200කට අධික පොලියක් ජනතාව මත පැටවී ඇති අතර එවැනි ආගාධයට රට ඇද දැමූ එජාපය හරිනම් විසිරුවා හැරිය යුතු බවද සමරසිංහ මහතා පවසයි.



Previous Post Next Post