ප්‍රදේශයේ වනගත ප්‍රදේශවල සෝදිසි මෙහෙයුමක් දියත් කළ පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ පස්‌වරු 2.30 ට පමණ මෙලෙස දළ පූට්‌ටුවාගේ සිරුර සොයාගත් බවද ඒ මහතා පැවසීය.
යාන්ත්‍රික කියතකින් දළ යුගලය කපා, ඉන්පසු හිස් කබල තුළට කාවැදුණු දළ කැබලිද ගලවාගෙන ඇති බවත් සඳහන් කළ ඒ මහතා පසුපස ගාතයේ සුවවෙමින් හා ඔඩුදුවමින් පැවති තුවාලයක සලකුණින් මළ සිරුර ගල්ගමුව දළ පූට්‌ටුවාගේම බව නිශ්චිතව හඳුනාගත් බවත් කීවේය.
පසුගිය සැප්තැම්බර් මස 9 වැනිදා දළ පූට්‌ටුවා ගල්ගමුව සියඹලෑව වැවේදී රූපවාහිනි "සොබාදහර" වැඩසටහන සඳහා රූගත කර ඇති අතර, ඉන්පසු මීගලෑව කෝන්ගමුව වැවටත්, ඔක්‌තෝබර් මස මැද භාගයේදී පොල්පිතිගම හේනේගම වැවටත් පැමිණ සිටි බවට තහවුරු කරගෙන තිබේ.
ඉන්පසු ඔක්‌තෝබර් අග දක්‌වා හේරත්ගම ප්‍රදේශයේ රැඳී සිට ඇති බව වාර්තා වන අතර එම කාලයේදී ඇතා මරා දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මේ වන විට සිද්ධියට සැකපිට නිකවැව - මොරගොල්ලාගම පදිංචි හේරත්ගම ග්‍රාම නිලධාරි රාජපක්‍ෂ මුදියන්සේලාගේ අසංක සෙනරත් බණ්‌ඩාර සහ හිටපු පොලිස් කොස්‌තාපල්වරයකු වන ගල්නෑව, ගල්ගමුව පදිංචි රත්නායක මුදියන්සේලාගේ රුවන් නිරෝෂන් රත්නවංශ යන දෙදෙනා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත.