ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ඇදවැටී ඇති ආර්ථිකය පණ ගැන්විය හැකි කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් නොවූ අසාර්ථකම අයවැයක් බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.
විශේෂයෙන්ම දේශීය ව්‍යාපාර පැලැන්තිය මුහුණ දෙන කඩාවැටීම්, විරැකියාවේ වර්ධනය වන අර්බුදය, දේශීය සම්පත් රැකගැනීමට
නොහැකිව ඒවා විකිණීමට යෝජනා කිරීම, ජනතා ජයග්‍රාහී අණපනත් වැළැක්වීමට යෝජනා කිරීම හා බදු බර තව තව වැඩි කිරීම තුළින් ජීවන වියදම අර්බුදයෙන් අර්බුදයට පත්වන බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
ගුණවර්ධන මහතා පවසන්නේ ආණ්ඩුවට නව වැඩපිළිවෙළක්, නව දැක්මක් නොමැති බව මෙම අයවැයෙන් පෙන්නුම් කරන බවත් ආණ්ඩුව ගෙදර යෑමට සූදානම් විය යුතු බව තම පක්ෂය ඉල්ලා සිටින බවය.
අසාර්ථක අය වැයක් - දිනේෂ් කියයි
2017-11-10T10:56:00+05:30
Gossip Lanka Hot News
slide|