පිච් එක ලැබෙයි.. මැච් එක ලෑස්තියි.. මැතිවරණය පවත්වන දිනය හා නාමයෝජනා කැදවන දිනයන් මෙන්න..

නව සීමා නිර්ණයත් සමග පලාත් පාලන ආයතනයන්හි සභිකයින් ගණන දැක්වෙන ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සදහා මේ වන තෙක් රජයේ මුද්‍රණාලයට ලැබී නැති බව එහි ආරංචි මාර්ග සදහන් කරයි.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ඊයේ දිනයේදී අදාල ගැසට් පත‍්‍රයට අත්සන් කරනු ලැබීය.

ඒ අනුව ගැසට් පත‍්‍රය නිකුත් කලහොත් එළැඹෙන ජනවාරි 30ට පෙර
පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවත් ඒ සදහා නාමයෝජනා කැදවීම දෙසැම්බර් 11-20 අතර කාලයේදී සිදු කල හැකි බවත් මැතිවරණ කොමිසන් සබාව සදහන් කරයි.

නව ගැසට් පත‍්‍රය අනුව මෙතෙක් මෙරට සිටි පළාත් පාලන නියෝජිතයින් සංඛ්‍යාය 4486 සිට 8356 දක්‌වා 3870කින් ඉහල ගොස් ඇති අතර පළාත් පාලන ආයතන 336 ක ප්‍රමාණය 341 දක්‌වාද ඉහල ගොස් ඇත.



Previous Post Next Post