විදුලි මෝටර් රථවලට අඩුකළ වාසිය පාරිභෝගිකයන්ට නෑ !

මෙවර අයවැයෙන් විදුලි මෝටර් රථ සඳහා අඩුකළ රුපියල් ලක්ෂ 10ක මුදලේ වාසිය පාරිභෝගිකයන්ට හිමි නොවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පති මෙරින්චගේ මහතා පවසයි.

එම වාසිය පාරිභෝගිකයාට අත්වීමට නම් විදුලි මෝටර් රථ ආනයනයේදී
දැනට නම් කර ඇති බ්‍රෑන්ඩ් නිව් හා රීකන්ඩිෂන් නම් වූ බෙදීම් ඉවත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

අයවැයෙන් ලැබුණ වාසිය දැනට විදුලි මොටර් රථ ගෙන්වන නියෝජිත ආයතනවලට හිමිවන බවත් ඒ හරහා රට තුළ ඒකාධිකාරියක් නිර්මාණය විය හැකි බවත් එම සංගමයේ ලේකම් කිර්ති ගුණවර්ධන මහතා පැවැසීය.

මීට අමතරව අයවැය හරහා ඇක්වා, වෙසල් හා ඇක්සියෝ මෝටර් රථවල මිල ලක්ෂ 7.5 කින් පමණ වැඩිවිය හැකි බවත් එම සංගමය සඳහන් කළේය.

අයවැය හරහා පොඩි වාහනයක් මිලදී ගැනිමේ සිහිනයෙන් සිටි පුද්ගලයන්ගේ සිහිනය බොඳවි ඇති බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.


Previous Post Next Post