දළ ඇතුන් මරාදැමීමේ සිද්ධි පිළිබඳ පරීක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නයැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩබලන පොලිස්පති හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සී.ඩී. වික්‍රමරත්න මහතාට
නියෝග දුන් බව නීතිය හා සාමය පළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසසයි.
ඒ පිළිබඳ අදහස් දක්වන අමාත්‍යවරයා,
“ මේ විදිහට වන අලි මරාදැමීම අනුමත කරන්න බැහැ. අලි ඇතුන් ජාවාරම සහ ඇත් දළ ජාවාරමට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක නරනවා. ඒසඳහා මේ ජාවාරම පිටුපස ක්‍රියාත්මක වන සංවිධානාත්මක ජාලයක් තිබේද? එසේ තිබේ නම් අදාළ සංවිධාන කණ්ඩායම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම වහාම සිදු කළ යුතු නිසා මේ පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්න කටයුතු කළේ.” යන්න එම නිවේදනය මගින් පවසා සිටියි.
දළ ඇතුන් මරා දැමීම ගැන පරීක්ෂණ CIDයට
2017-11-30T15:19:00+05:30
Gossip Lanka Hot News
slide|