අතුරුදන්වූ බව කියන ගල්ගමුවේ දළ පූට්ටුවා මේ වනවිට මියගොස් ඇති බව තමන්ට තහවුරු කළ හැකි බව ඇතැම් පරිසරවේදීන් පෙන්වා දෙනවා.
ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබදව වන ජීවි දෙපාර්තමේන්තුව සතුව කිසිදු
තොරතුරක් නොමැති බවයි පරිසරවේදී ශෂිකළණ රත්වත්තේ පෙන්වා දෙන්නේ.
අලි ඇතුන් සංරක්ෂණය කිරීම සඳහා පරිසරවේදීන් අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළ ද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
අළෙවි කිරීමට සූදානම්ව තිබියදී ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට සැක කරන ඇත් දළ දෙක පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඉකුත් 22වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.
වනජීවි සංරකෂණ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම කියාසිටියේ අතුරුදන්ව සිටින ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබද නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට මුදල් ත්‍යාගයක් පිරිනමන බවයි.
ගල්ගමුවේ දළ පූට්ටුවා මියගොස් ඇති බවට අනාවරණයක්
2017-11-28T14:24:00+05:30
Gossip Lanka Hot News
slide|