ඡන්ද නොතියන ඡන්ද ඇමති ෆයිසර්ට විශ්වාස භංගයක්

පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ඒකාබද්ද විපක්‍ෂය විසින් මීට සුළු මොහාතනට පෙර ඉදිරිපත් කර ඇත.

විවිධ හේතු පවසමින් දිගින් දිගටම මැතිවරණ කල් දැමීමට එරෙහිව මෙම
යෝජනාව කතානායකයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඒකාබද් විපක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් මැතිවරණය කල් දැමීමට විරෝධය පල කරමින් ඇති අතර එක්සත් ජාතික පක්‍ෂයද මේ වන විට මැතිවරණය කල් දැමීමේ වරද ශ‍්‍රී ලංකා කිදහස් පක්‍ෂය මත පටවමින් සිටිති.

මේ තත්වය යටතේ විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඉතා පහසුවෙන් සරල බහුතරයෙන් සම්මත කරගනු හැකි වෙතැයි විපක්‍ෂය විශ්වාසය පල කරයි.



Previous Post Next Post