සැගවසිටින ගාමිණී සෙනරත්ගෙන් පෙත්සමක් !

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

එලෙස නියෝගයක් නිකුත් කරනු ලැබුවහොත් තමන් රටින් පිටව
නොයන බවද ගාමිණි සෙනරත් මහතා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයේ ස්ථානාධිපති සහ නීතීපති නම් කොට ඇත.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුව ගාමිණි සෙනරත් මහතාට රටින් පිටවීම තහනම් කර නියෝගයක්ද පනවා ඇත.

ඇමැතියකුගේ රැකවරණ ?

ගාමිණී සේදර සෙනරත්, නීල් හපවින්න සහ පියදාස කුඩා බාලගේ යන තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID) නිලධාරීන් 31දා ඔවුන් පදිංචි ස්ථානවලට ගොස් ඇති අතර ඒ වන විටත් ඔවුන් එම ස්ථානවලින් පළා ගොස් ඇතැයි ද ඔවුන් සිටින ස්ථානයක් පිළිබඳ පිළිගත හැකි තොරතුරක් නිවැසියන් විසින් ලබා දී නොමැති බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

මේවනවිට ගාමිණි සෙනරත් මහතා ආණ්ඩුවේ ප්‍රබලයකුගේ රැකවරණය ලබමින් සිටින බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සි/ස ලිට්රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථ සාධක අරමුදල යන ආයතනවලට අයත් රුපියල් බිලියන 04ක මුදලක් සාපරාධි විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ඔවුන් තිදෙනාට චෝදනා එල්ලවී ඇත.


Previous Post Next Post