සීමා නිර්ණ ගැසට් එක බල රහිත කරයිද? තීරණය අදයි

පළාත් පාලන ආයතනවල සීමා  නිර්ණයට අදාළ ගැසට් නිවේදනය  බල රහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගන්නේ ද නැද්ද යන්න පිළිබඳව අද(22) අභියාචනාධිකරණය විසින් තීරණය කිරීමට නියමිතය.

පසුගිය 16 වනදා පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී මූලික විරෝධතා
ඉදිරිපත් කරමින් විෂය බාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය.

පෙත්සමේ මැදිහත්කරුවන් ලෙස ඉදිරිපත් වූ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂද පෙත්සම ඉවත් කරන ලෙස දැනුම් දී තිබේ.

එම කරුණු වලට අදාළ ලිඛිත දේශන පසුගිය සඳුදා වන විට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය පාර්ශවකරුවන්ට දැනුම් දී තිබුණි.


Previous Post Next Post