ගිංතොට සිද්ධියේදී පොලිසියත් අසමත් - පොලිස්පති

ගිංතොට සිද්ධියේ දී පොලිසියත් ගම්වැසියනුත් අසමත්ව ඇතැයි ද වළක්වාගත හැකිව තිබූ ගැටුමක් වළක්වා ගත නොහැකි වීමෙන් ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් එක්වී ඇතැයි ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ  (20) ගාල්ල නගර සභා ශාලවේ දී
ගිංතොට ගැටුම සිදු වූ ගම්මානවල ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා පැවැති රැස්වීමේ දී අදහස් දක්වමිනි.

පොලිස්පතිවරයා කියා සිටියේ මේ ගැටුමේ දී සමස්ථ සිද්ධීන් 116ක් වාර්තා වී ඇති බවත් ඉන් නිවාසවලට හානි වූ සිද්ධි 74ක් වාර්තාවන බව ද ඔහු කීවේය.

ඊට අමතරව වෙළෙඳ සැල් 16ට අලාභ හානි සිදුව ඇති බවත් ත්‍රී රෝද රථ හයක්, ලොරියක්, වෑන් රථයක් හා යතුරුපැදි  තුනක් හානියට පත්ව ඇති බවත් දේපළ සොරකම් කිරීම් අටක් වාර්තාවන බවත් පොලිස්පතිවරයා කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 22 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිති.


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by