"ජීවිත පූජාවෙන් රැකගත් රට නව ව්‍යවස්ථාවකින් විනාශ කර දමන්නට ඉඩ දෙන්න බැහැ" - ගෝඨාභය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදු වන්නේ සංහිදියාවක් ඇති වීම නොව රට තුල ව්‍යවසනයක් ඇති වීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එළිය සංවිධානය කෑගල්ල නගර සභා ශාලාවේ ඊයේ පස්වරුවේ පැවැත්වූ
සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ආණ්ඩුකාරවරයා මහඇමතිවරයා යටතට පත් කරොත් එතැනින්ම වෙනත් රාජ්‍යයක් ඇති වෙනවා. පාර්ලිමේන්තුවට තිබෙන නීති සෑදීමේ බලය අපි බෙදලා දුන්නොත් වෙනත් රාජ්‍යයක් ඇතිවෙනවා. මධ්‍යම රජයට තියෙන ඉඩම් බලතල පළාත් සභාවලට බෙදලා දුන්නොත් ඒකීය රාජ්‍ය නැතිවෙනවා. බෙදුම්වාදී දමිල දේශපාලඥයන්ගේ අවශ්‍යතාවයන්ට හෝ පිටරට ජිවත් වෙන් බෙදුම්වාදී ඒ උදවියගේ අවශ්‍යතාවයන්ට හෝ බලය බෙදීම ගෙන ඒමෙන් කිසිම ලෙසකින් සංහිදියාවක් ඇතිවන්නේ නැහැ. ඒ තුළින් ඇති වෙන්නේ මේ රටේ වෙනත් රාජ්‍යයක් ඇති වීම පමණයි. මේ වෙනුවෙන් කතා කරන නායකයින් කියන්නේ මේ රටේ නිදහස ඇති වුණ දා සිට තිබෙන ප්‍රශ්නයක් වෙනුවෙන් අපි විසඳුම් සෙවිය යුතුයි යන කාරණය. නමුත් මේ කරන්න යන දෙයින් ඒ විසදුම ලැබෙන්න පුළුවන්කමක් නැහැ. ඒ තුළින් මේ රට තුළ ව්‍යවසනයක් ඇතිවීම පමණයි සිද්ධ වෙන්නේ. ජිවිත පූජාවෙන් ආරක්ෂා කරගත් ඒකීය රට මෙවැනි නව ව්‍යවස්ථාවකින් විනාශ කර දැමීමට ඉඩදෙන්න පුළුවන් කමක් නැහැ.”



Previous Post Next Post