මැතිවරණ ගැසට් පත්‍රයේ පිටු ගැළවෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් පත‍්‍රය මුද්‍රණය කිරීමේ කටයුතු තවමත් සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ මහතා ප‍්‍රකාශ කළේ ගැසට් පත‍්‍රයේ එක් කොටසක්
සෝදු පත් පරීක්ෂා කිරීම සඳහා යළි පළාත් පාලන අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවයි.

අද දිනයේ තවත් කොටසක් එලෙස අමාත්‍යංශය වෙත යොමු කරන බවද මෙහිදී ඔහු සඳහන් කළේය. එලෙස සම්පූර්ණ ගැසට් පත‍්‍රයේම සෝදු පත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය අවසන් වශයෙන් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

පළාත් පාලන ආයතනවලට අදාළ සභික සංඛ්‍යාව සංස්ථාපනය කිරීමට අදාළ ගැසට් පත‍්‍රය ඉකුත්දා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් රජයේ මුද්‍රණාලය වෙත භාර දෙනු ලැබීය.


Previous Post Next Post