රැකියා විරහිත උපාධිධාරීන් අද සාකච්ඡාවක

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සහ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා අතර අද (21) සාකච්ඡාවක් පැවැත්වනවා.

ඒ, උපාධිධාරී සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේ අක‍්‍රමිකතාව, රැකියා සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ වයස් සීමාවේ පවතින ගැටලුකාරී තත්ත්වයන් ඇතුළු ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන්.

අද පැවැත්වීමට නියමිත සාකච්ඡාවලින් අනතුරුව ලැබෙන ප‍්‍රතිචාර අනුව
තමන් ඉදිරියේදි ද අඛණ්ඩව තම ගැටලුවට නිසි විසඳුම් ලැබෙන තුරු ඒ වෙනුවෙන් පෙනී සිටින බවයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියන් සඳහන් කළේ.


Previous Post Next Post