බෙංගාල බොක්ක කැළඹෙයි - දිවයිනට තද වැසි

නිරත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, දිවයිනට ගිණිකොණ දෙසින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් ඉදිරි දින දෙකේදී (25 දා හා 26 දා) විශේෂයෙන්ම උතුරු මැද, ඌව හා නැගෙනහිර පළාත්වලත්ථ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ වැසි තත්ත්වය වැඩි වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම දිවයිනේ බොහේ පළාත්වල අහස වළාකුළින් බරව
පතින් ඇතැයිද ඔවුන් නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙයි. උතුරු , උතුරුමැද, නැගෙනහිර හා ඌළු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත් වැසි ඇතිවෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි. අනෙකුත් පළාත්වලත් සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් උතුරු, නැගෙනහිර, උතුරුමැද හා ඌව පළාත්වල සමහර ස්ථාන වලට මිලිමිටර් 100 ඉක්මවූ වැසි අපෙක්ෂා කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.


Previous Post Next Post