අයි.සී.සී දූෂණ මර්ධන ඒකකය රහසිගතව දෙවන වතාවටත් දිවයිනට - ක්‍රීඩකයන්ගේ වත්කම් ගැනත් හොයයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් නැවත වතාවත් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ පරික්ෂණයක් සිදුකරන බවට තොරතුරු වාර්තාවී තිබෙනවා.  මොවුන් මෙලෙස පැමිනෙන්නේ දෙවන වතාවටයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ පිරිසක් ශ්‍රී ලංකාවට
එරෙහිව පරීක්ෂනයක් ආරම්භ කරන බව පසුගියදා මාධ්‍ය  නිවේදනයක් නිකුත් කර තිබුණා.


ඒ අනුව පසුගිය මාසයේ එහි නිළධාරීන් පිරිසක් දිවයිනට පැමිණ සිටියා.

මොවුන් මෙලෙස පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටවත් , ක්‍රීඩා අමාත්‍යංශයේ කාටත් නොදන්වා බවයි තොරතුරු වාර්තාවන්නේ.

පසුගිය කාලයේ  තරඟ පාවාදීම් සිදුවුනාදැයි ඇති වූ සැකයක් මත පරික්ෂනයක් පවත්වන්න එම කණ්ඩායම මෙලෙස පැමිණ තිබෙන බවයි
පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුද්ගලයින් සම්බන්ධයෙන් යම් යම් සැකයක් මතුව තිබෙන නිසා අයි සී සී දූෂණ මර්ධන ඒකකය ක්‍රිකට් පාලක මණ්ඩලයට නොදන්වා පැමිණ ඇති බවයි දැනගන්නට ලැබුනේ.

සාමාන්‍යයෙන් අයි සී සී නියෝජිතයන් යම් රටකට පැමිනෙන්නේ එම රටේ ක්‍රිකට් පාලක මණ්ඩලට පූර්ව දැනුම් දීමකින් පසුවයි. නමුත් මෙහිදී ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් යම් පරීක්ෂනයක් සිදුකරන බැවින් ක්‍රිකට් පාලක මණ්ඩලයට නොදන්වා ඔවුන් දිවයිනට පැමින ඇති බවයි වාර්තාවන්නේ.

මෙවර ක්‍රිකට පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයන් පිළිබඳවත් යම් යම් සැක මතුව තිබෙන නිසා මෙලෙස රහසිගතව පරික්ෂන කටයුතු සිදුකරන බවයි ආරංචි මාර්ග පවසන්නේ.

තවද මෙම නිලධාරීන් පිරිස දෙවන වරට දිවයිනට පැමිණිමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ගේ වත්කම් සම්බන්ධයෙන්ද තොරතුරු රැස් කරන බවත් වාර්තාවුණා..

මේ පිළිබඳව අපි ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ අයි සී සී දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ඕනෑම අවස්ථාවක පරීක්ෂණ කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යංශට නොදන්වා  දිවයිනට පැමිණීමට හැකියාවක් බවයි.


Previous Post Next Post