සීමා නිර්ණයට තහනම් නියෝගයක් නිකුත් කෙරේ.. පුංචි ඡන්දය යලිත් කල් යයි…

කොට්ඨාශ ක‍්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අදාලව නිකුත් කරන ලද කොට්ඨාශ නිර්ණය හා පළාත් පාලන ආයතනයත්හි සභික සංඛ්‍යාව සදහන් ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාදිකරණයේ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නිකුත් කරනු
ලැබූ මෙම නියෝගය දෙසැම්බර් මස 04 වැනි දා දක්වා බලපැවැත්වෙයි.

අදාල ගැසට් නිවේදනයන්ට එරෙහිව ඡන්ද දායකයන් හය දෙනෙකු විසින් ගොනු කර තිබූ පෙත්සම් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මේ අනුව පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා කැදවීම ආදි සියල්ල අත්හිටුවෙනු ඇති අතර මැතිවරණය පැවැත්වීමද දැඩි අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.

මෙම 27 වන දින නාම යෝජනා කැදවීම නිවේදනය කරන බව මීට පෙර කියූවද සීමා නිර්ණ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම තහනම් කරන ලද නිසා මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට බලයක් නැති වෙයි.


Previous Post Next Post