බැඳුම්කර වාර්තාව පිටවූ සැනින් නඩු !

බැඳුම්කර වංචාව පිළිබඳ අඛණ්ඩව පරීක්‍ෂණ පවත්වාගෙන යා යුතු බවටත්, කොමිසමේ වාර්තාව ජනවාරි මස 08 වැනිදා ජනාධිපතිවරයා වෙත ලැබුණු පසු අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (23දා) පැවැති මාධ්‍ය හමුවකදී
අමාත්‍යවරයා කියා සිටියේ පෙරේදා (22දා) රැස්වූ නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම එකඟතාවට පැමිණි බවයි.

බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සිටින ඇතැම් ඇමැතිවරුන් පවා ජනාධිපතිවරයාට චෝදනා එල්ල කරන බවත් හොරුන් ආරක්‍ෂා කිරීමට විවිධ චෝදනා එල්ල කිරීම බරපතළ වරදක් බවත් අමරවීර මහතා එහිදී පෙන්වා දුන්නේය.

පිරිසුදු ආණ්ඩුව තුළ අපිරිසුදු දේවල් සිදුවූ බවත් එවැනි අපිරිසුදු තැන් පිරිසුදු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොබියව කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කෙළේය.


Previous Post Next Post