මැතිවරණ කල් යෑම ගැන මැකො දුකෙන් !

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය පිළිබඳව තමා කනගාටුවෙන් හා කලකිරීමෙන් පසුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

ලබන 25 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව රැස්‌වී පවතින තත්ත්වය
සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද එහිදී එළැඹෙන තීරණ අනුව කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය.

මැතිවරණය කල් යැම සම්බන්ධයෙන් තමාට කීමට ඇත්තේ කිසිවක්‌ කීමට දෙයක්‌ නැති බව යෑයිද ඒ මහතා කීය.

- දිවයින






Previous Post Next Post