මහින්ද ඇතුළු පිරිසගේ පාපැදි ගමනට බාධාකළ පොලිසිය ගැන පරීක්ෂණයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු කණ්ඩායමක් පාපැදිවල නැඟී පාර්ලිමේන්තුවට පැමිණි ගමනට පොලිසියෙන් බාධා කිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (09) ප්‍රකාශ කෙළේය.

කතානායකවරයා එසේ පැවැසුවේ පෙරේදා සභාවේ අය -වැය ලේඛනයට
ඉදිරිපත් කිරීමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මතු කළ රීති ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

'ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවට පාපැදිවලින් පැමිණි අතර පොලිසිය එම ගමන නතර කිරීමට උත්සාහ කළ බවට දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය.

මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවට බාධාවකින් තොරව පැමිණීමට හා එහි සිට ආපසු යෑමට අවස්ථාව තිබිය යුතු බව ස්ථාවර නියෝගවල සඳහන්ව ඇතැයි පැවැසූ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු පොලිසිය හා වැලිකඩ පොලිසිය මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩකර ඔවුන්ගේ පැමිණීම නතර කළ බැවින් එම සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වා තම අයිතිය ආරක්ෂා කර දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.


Previous Post Next Post