ජනාධිපති ධුරය අතහරින්න සූදානම්.. කොලේ ඉරාගෙන ඇගේ හලාගන්න එපා..- ජනාධිපති එජාපය පට්ටා ගහයි.. (Video)

දුෂණයට වංචාවට විරුද්දව වැඩ කරන විට, දුෂණ වංචාවන්ට එරෙහිව තීන්දු තීරණ ගන්නා විට ඊට එරෙහිව කිසිවෙකු හෝ තමනට ඇගිල්ල දිගු කරන්නේ නම් කමන් සියළු තනතුරු අතහැර දමා ජනතාව සමග ඒකරාශී වී සටන මෙහෙයවන්න සූදානම් යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නිකවැරටියේදී පැවති උත්සව
සභාවක් අමතමිනි.

කලින් පැවති ශ්‍රීලනිප ආණ්ඩුව කල වැරදි නිසා 2015 පැවති ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිප අපේක්‍ෂකයා පරාජයට පත් වූ බවත් අද ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂයේ පිරිස් එම වැරදි එලෙසම කරන්නේ නම් ජනතාව එයද අනුමත නොකරනු ඇති බවද ඔහු පැවසීය.

‘අනවශ්‍ය ලෙස වගකීම්වලින් බැහැරව කතා කරමින් නොයෙකුත් සංවාද කරමින්, මාධ්‍ය ඔස්සේ නොයෙක් විවේදන කරමින් කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන ඊට පස්සෙ අඬන්න එපා කියන එක මං බොහොම පැහැදිලිව මේ වෙලාවෙ සෑම කෙනෙකුටම කියනව.

විශේෂයෙන්ම මට චෝදනා කරන මට විවේචනය කරන සියළු දෙනාට මං එක දෙයක් කියනව. සියළු දානටම මං බොහොම පැහැදිලවම කියනව කොලේ ඉරාගන ඇගේ හලාගන්න එපා. කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන ලොන්ඩරි හතක දැම්මත් සුද්ද කරන්න හම්බ වෙන්නෙ නෑ’ යයිද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය කල් දමන්නේ ශ‍්‍රීලනිපයේ උවමනාවට යයි ඇතැමුන් චෝදනා කලද ශ‍්‍රීලනිපයටද උවමනා වී ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයක් පැවැත්වීම බවද පැවසූ ඔහු ඊට අවශ්‍ය සියළු දේ මේ වන විට සිදුකර අවසන් යයිද සදහන් කලේය.

Previous Post Next Post