මසකට රුපියල් කෝටි 223ක බද්දක්.. ජංගම දුරකතන ගාස්තු අසීමිතව ඉහලට..

2018 අයවැය මගින් මෙරට දුරතකත සම්පේ‍්‍රෂණ කුළුණු සදහා පනවා ඇති බද්ද හේතුවෙන් ජංගම දුරකතන ගාස්තු ඉහල යනු ඇති බව වාර්තා වෙයි.

එක් සම්පේ‍්‍රෂණ කුළුණක් සදහා මසකට ලක්‍ෂ දෙකක බදු මුදලක් අයවැය
මගින් යෝජනා කරනු ලැබූ අතර එම බද්ද සමාගම් විසින් සෘජුවම පාරිබෝගිකයා මත පටවනු ඇති බවද සදහන්ය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ මෙමගින් සමාගම් සිය අලාභය පියවා ගැනීමට පාරිභෝගිකයා මත බර පැටවීමෙන් දුරකතන ගාස්තු විශාල වශයෙන් ඉහල යනු ඇති බවයි.

මෙරට දුරකතන සම්පේ‍්‍රෂණ කුළුණු 11,192ක් ඇති අතැ එමගින් මසකට කෝටි 223ක බදු ආදායමක් රජය එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙයි.



Previous Post Next Post